ඉන්දියාවේ ළමයින් අතර තරබාරුකම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
ද ලැන්සෙට් සගරාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ගෝලීය විශ්ලේෂණයකට අනුව ඉන්දියාවේ ළමයින් අතර තරබාරුකම සාපේක්ෂ ලෙස ඉතා ඉහළ අගයක් ගෙන තිබෙනවා.
1590 දී ලක්ෂ 04 ක් වූ එම සංඛ්‍යාව 2022 දී මිලියන 12.5 දක්වා වැඩි වී තිබෙනවා. ඉන් මිලියන 7.3 ක් පිරිමි ළමුන් වන අතර මිලියන 5.2 ක් ගැහැනු ළමයි.
ලොව පුරා තරබාරුකමින් පෙලෙන ළමයින් /නව යොවුන් වියේ පසුවන්නන් සහ වැඩිහිටියන්ගේ මුළු සංඛ්‍යාව බිලියනය ඉක්මවා ගොස් තිබෙනවා.
අඩු බර මෙන්ම අධික තරබාරුකම ද බොහෝවිට මන්දපෝෂණයේ ලක්ෂණයක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
පෝෂදායි නොවන පිටි ආහාර වර්ග වැඩි වශයෙන් භාවිතයට ගැනීම තරබාරුකමට මූලික හේතුවක් වී තිබෙනවා.