fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් 50% ක් සෞදිය සිදු කරන බව හෙළි වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 14:41

ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් 50% ක්  සෞදිය  සිදු කරන බව හෙළි වෙයි

වාර්ෂික ගෝලීය ආහාර අපතේ හැරීම් අතුරෙන් සියයට 50ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය සිදුකරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

වාර්ෂිකව ලොවපුරා ටොන් බිලියන 1යි දශම 3ක ආහාර ප්‍රමාණයක් අපතේ හරින බව ජගත් සංවිධධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

ඉන් 50%ක ප්‍රතිශතයක් සෞදි ආරාබිය සිදුකරන බවයි තවදුරටත් හෙළිව ඇත්තේ.

ජගත් සංවිධානයේ ආහාර අපතේ හැරීමේ වැඩසටහනට අනුව සෞදි ආරාබිය ආහාර අපතේ හරින රටවල් අතුරින් ප්‍රමුඛ ස්ථානයේ පසුවනවා.

ඔවුන් වසරකට අපතේ හරින ආහාර වල වටිනාකම ඇමෙරිකා ඩොලර් බිලියන 10යි දශම 6ක් වන බව ද සදහන්.

එක් සෞදි ජාතිකයෙකු වසරකට කිලෝ 200ට ආසන්න ආහාර ප්‍රමාණයක් අපතේ හරින බවයි සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.

කෙසේ වුවද ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම ස්මතු කිරීමට හා ආහාර පරිභෝජන පිළිවෙත් දිරිගැන්වීම සදහා පුළුල් වැඩසටහනක් සෞදි ආරාබිය තුළ ආරම්භ කළ යුතු බව ජගත් සංවිධානය පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 17, 2024 14:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්