ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව අද (01) උදෑසන සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ් අනුව පෙට්රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ.
පෙට්රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 464කි.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය.
භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ.