ඊජිප්තුවේ ජනාධිපති ධුරය සඳහා තෙවන වරටත් ජනාධිපති අබ්දෙල් පටාහ් අල් සිසි තේරීපත් වුණා.
ඊජිප්තුවේ පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපති අබ්දෙල් පටාහ් අල් සිසි හිමිකර ගත් ඡන්ද ප්රතිශතය 89.6%ක්.
ජනාධිපතිවරණයේ දී ඔහුට ප්රබල අභියෝගයක් එල්ල කිරීමට කිසිදු අපේක්ෂකයෙකු සමත්වුයේ නැහැ.
ඊජිප්තුව ද ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආර්ථික අපහසුතාවයන්ට මුහුණ දී සිටි අතර ඊශ්රායල හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ඇති කිරිමේ පාර්ශවකරුවෙකු ලෙස ද කටයුතු කරනවා.
ඊශ්රායල හා හමාස් සංවිධානය අතර පවත්නා ගැටුම් හේතුවෙන් ඊජිප්තු ජනතාව අල් සිසි නැවත ජනාධිපති ධුරයට පත්කර ගෙන ඇති බවයි විශ්ලේෂකයින් පවසන්නේ.