අත්වැරදීමකින් ගාසා තීරයේ රඳවා සිටි ප්රාණ ඇපකරුවන් තිදෙනෙකු ඝාතනය වූ බව ඊශ්රායලය පවසනවා.
ඊශ්රායල හමුදාව පවසන්නේ ගාසා තීරයේ ප්රාණ ඇපකරුවන් තිදෙනෙකු වැරදි ලෙස හඳුනා ගැනීමෙන් පසු අත් වැරදීමකින් ඝාතනය වූ බවයි.
28 හැවිරිදි යොතැම් හයිම්, 22 හැවිරිදි සේමර් ටලල්කා හා 26 හැවිරිදි ඇලන් ශම්රිස් මෙලෙස ඝාතනය වුණා.
ගාසා හි උතුරේ ෂෙජායියා හි ක්රියාත්මක වූ හමුදා විසින් මෙම තිදෙනාට වෙඩි තැබූ බව සඳහන්. ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයෙන් පසුව ගාසා තීරයේ ප්රාණ ඇපකරුවන් 100කට වැඩි පිරිසක් තවදුරටත් සිරගතව සිටිනවා.