සාමාන්‍ය වැසියන්ට පළායාම සඳහා උතුරු ගාසා තීරයේ සෑම දිනකම පැය 4ක හමුදා විරාමයක් ක්‍රියාත්මක කරන බව ඇමෙරිකාව පවසනවා.
කෙසේ වෙතත් මීට පෙර ඊශ්‍රායල හමුදාව පැවසුවේ හමාස් සංවිධානයට ශක්තිමත් වීම සඳහා වන සටන් විරාම ක්‍රියාත්මක නොකරන බවයි.
මේ අතර ගාසා තීරයේ ඉස්ලාමීය ජෙහාඩ් කණ්ඩායම ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් දෙදෙනෙකුගේ වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඒ වයෝවෘද්ධ කාන්තාවකගේ සහ පිරිමි ළමයෙකුගේයි.
ගාසා නගරයේ ප්‍රධාන රෝහල් දෙකක් අවට දරුණු ගැටුම් වාර්ති වී තිබෙනවා.
හමාස් සටන්කාමීන්ට එරෙහිව දරුණු සටනක නිරත වන බවයි ඊශ්‍රායලය පවසන්නේ.
හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ගාසා තීරයේ දසදහස් අටසියයකට වැඩි පිරිසක් මියගොස් සිටිනවා.
ඉන් හාරදහස් හාරසියයකට වැඩි පිරිසක් ළමයින් බවයි එම වාර්තා සඳහන් කරන්නේ.