90 දශකයේ ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවක් වන ෆ්‍රෙන්ඩ්ස් හි චැන්ඩ්ලර් බිං ලෙස රඟපෑ ප්‍රසිද්ධ නළු මැතිව් පෙරී මිය ගොස් තිබෙනවා.
ඔහු මිය යනවිට 54 වන වියේ පසුවුණා.
ලොස් ඇන්ජලීස්හි පිහිටි ඔහුගේ නිවසේදී මිය ගොස් සිටියදීයි සිරුර සොයාගෙන තිබෙන්නේ.
නිවසේ තිබූ උණුසුම් තටාකයක තිබී ඔහුගේ සිරුර සොයාගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නිව්යෝක් නගරයේ ජීවත් වන මිතුරන් 6 දෙනෙකු පිළිබඳ නිර්මාණය වුණු ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාවේ ඔහු නිරූපනය කළ චරිතය අතිශය ජනාදරයට පාත්‍ර වුණා.
එහි අවසන් කතාව ඇමෙරිකාවේ මිලියන 52කට වැඩි පිරිසක් නැරඹූ අතර දෙදහස වසරේදී වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනී කතාංගය බවට ද එය පත්වුණා.