fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 13:53

සමරිසි විවාහයන් ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

සමරිසි විවාහයන් නීත්‍යානුකූල නොවන බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

සමරිසි විවාහයන් නීතිගත කරන ලෙස ගොනුකර තිබු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත්කරමිනුයි ඉන්දීය අග්‍ර විනිශ්චකාරවරයා මේ බව කියා සිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි විවාහයන් නීතිගත කිරීම ප්‍රතික්ෂේප කරන අතර එය ඉන්දීය පාර්ලිමේන්තුව සතු වගකීමක් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ලිංගිකත්වය අනුව තමන් තෝරාගත යුත්තේ කුමන ජීවන සහකරුවෙකු ද යන්නට සීමා පැණවිය නොහැකි බව ද අග්‍ර විනිශ්චකාරවරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් සදහන් කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

hasiniek
By hasiniek ඔක්තෝබර් 17, 2023 13:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්