fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුරට ගසාගෙන ගිය ඉන්දියා සෙබලු

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 15:56

ගංවතුරට ගසාගෙන ගිය ඉන්දියා සෙබලු

හදිසි ගංවතුරකට මැදිවූ ඉන්දීය හමුදා සෙබලුන් 23 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

ඉන්දියාවේ ඊසානදිග සිකීම් ප්‍රාන්තයේ මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇතිවූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

ප්‍රාන්තයේ පිහිටි ජලාශයක බැම්මක් පිපිරී යාමත් සමඟ මෙම ගංවතුර තත්ත්වය හටගෙන තිබෙනවා.

ඒ සමඟම ටීස්ටා ගංගාවේ ජල මට්ටම භයානක ලෙස ඉහළ ගිය බවයි බලධාරීන් පවසන්නේ.

එමෙන්ම තවත් ජලාශයක වේල්ලකින් ගංගාවට ජලය නිකුත් කිරීමත් සමග තත්ත්වය බරපතල අතර හැරී තිබෙනවා.

හමුදාවට අයත් වාහන කීපයක් ද ජලයට හසුවී ඇති බව සඳහන්.

අතුරුදන් වූ හමුදා සෙබලුන් සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර ගංවතුරෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන කටයුතු සපයා ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 4, 2023 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්