fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 13:56

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට

මෙක්සිකෝවේ සිදුවූ ට්‍රක්රථ අනතුරකින් සරණාගතයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් තවත් සරණාගතයින් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. රටවල් රැසකට අයත් දහස් ගණනක් සරණාගතයින් ඇමෙරිකාවට ඇතුළුවීම සදහා මෙක්සිකෝව හරහා ගමන් කරනවා.

මෙලෙස සරණාගතයින් ගමන් කරමින් සිටි ට්‍රක් රථයක් පෙරළී යාමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

ජීවිතක්ෂයට පත්වූ සරණාගතයින් සියලු දෙනා කියුබා ජාතිකයින් බව ආරක්ෂක අංශ පවසනවා. පසුගිය සතියේදීද මෙලෙස සරණාගතයින් රැගත් ට්‍රක් රථයක් මෙක්සිකෝවේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 3, 2023 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්