ශ්‍රී ලංකාව හා ඊජිප්තුව අතර ආර්ථික හා දේශපාලන සබඳතා ගොඩනැගීමට පාර්ලිමේන්තුව මගින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට තීරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා ඊජිප්තු පාර්ලිමේන්තුව අතර නව පාර්ලිමේන්තු මිත්ත්රත්ව සංගමයක්ද ඇති කිරීමට නියමිතයි.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති කාර්යාලයේ කන්සියුලර් මොහොමඩ් මඩී මහතා අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබද කරුණු හෙළි කෙරුණා.
දෙරට අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද සාකච්ඡාවේදී අවධානය යොමු කළා.
තවත් ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා.