fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

EPF ගැන පෙත්සමකට දින නියම වෙයි

hasiniek
By hasiniek අගෝස්තු 3, 2023 15:28

EPF ගැන පෙත්සමකට දින නියම වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල ණය වශයෙන් රජයට ලබාදී තිබෙන මුදල් කපා හැරීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම ලබන 9 වනදා දක්වා කල් තැබුණා.

අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොණු කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ සේවක අර්ථසාධක අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් සියයට 93 ක් මෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ තැන්පත් කර ඇති මුදල්වලින් සියයට 86 ක් රජයේ භාණ්ඩාගාර බිල්පත් හා මහබැංකු බැදුම්කරවල ආයෝජනය කර ඇති බවයි.

එමෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ අරමුදලෙන් ලබා ගත් ණය කපා හැරීම තුළින් මිලියන 20 කට අධික පිරිසකට දැඩි අසාධාරණයක් සිදුවන බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.

hasiniek
By hasiniek අගෝස්තු 3, 2023 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්