fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පසු දෙදෙනෙකුට ආසාත්මිකතා

hasiniek
By hasiniek ජූලි 16, 2023 11:31

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් පසු දෙදෙනෙකුට ආසාත්මිකතා

මහනුවර ජාතික රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට සෙෆ්ටිඇක්සෝන් ප්‍රතිජීවක ඖෂධය ලබා දීමෙන් අනතුරුව ආසාත්මිකතාවයක් හටගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව එම ප්‍රතිජීවක ඖෂධය මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි ඒ මහතා පවසන්නේ.

එමෙන්ම පේරාදෙණිය රෝහලේදී මෙම ඖෂධය ලබාදීමෙන් අනතුරුව තරුණියක මියගිය බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පත් කළ විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුව අදාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

 

 

 

hasiniek
By hasiniek ජූලි 16, 2023 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්