එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් තරගය ශ්රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර මේ වන විට හරාරේ හිදී පැවැත්වෙනවා.
නෙදර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදෙන ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 5ක දී සියලුදෙනා දැවී ලකුණු 233ක් ලබාගත්තේය.
පන්දුවට පහරදීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 57 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 43 ක්, පැතුම් නිස්සංක ලකුණු 23 ක් හා චරිත් අසලංක ලකුණු 36 ක් ලබා ගත්තා.
ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 234 ක්.