මෙරට ජල සම්පාදන ක්ෂේත්රයේ ඉදිරි මෙහෙයුම්වලට ආසියා සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය හිමිවනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා ආසියා සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල අධ්යක්ෂ ටකෆුම් කඩොනො යන මහත්වරුන් අතර පැවති හමුවේදී මේ පිළිබඳ අවධානය යොමු කෙරුණා.
මෙරට ජල සම්පාදන ක්ෂ්ත්රයේ ඉදිරි සැළසුම් අධීක්ෂණ රාමුව සහ ඊට අදාළව මේ වන විට ගෙන ඇති ඉදිරි පියවර පිලිබදව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවාගැනීමේ ව්‍යාපෘති සදහා අවශ්‍ය දැනුම මේ අනුව තාක්ෂණික සහාය ලබාදීමට ආසියා සංවර්ධන බැංකුව කැමැත්ත පල කර තිබෙනවා.
අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.