තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ මුතු රාජා ඇතා , යළි ආපසු රැගෙන යාම සදහා රුසියානු ” ඉලුෂියන් ” වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම ඒ.ඉසෙඩ්.එස්.- 5701දරන ගුවන් යානය පැමිණ තිබුණේ රුසියාවේ මොස්කව් නුවර සිටයි.
මුතු රාජා ඇතා අද දින මධ්‍යම රාත්‍රී 12.00 ට දෙහිවල සත්වෝද්‍යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ බලා රැගෙන යාමට නියමිතයි.
ඇතා රැගත් මෙම රුසියානු ගුවන් යානය හෙට අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යනවා.