එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු වටයේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය අද පැවැත්වෙනවා.
ඒ, ස්කොට්ලන්ත කණ්ඩායම සමගයි.
සිම්බාබ්බේ, බුලවායෝහිදී පැවැත්වෙන මෙම තරගය දහවල් 12.30ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලියේ මෙතෙක් සහභාගි වූ තරග තුනම ජය ගැනීමට මෙම කණ්ඩායම් දෙකම සමත්වී සිටිනවා.
ඒ අනුව කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයට දැනටමත් සුදුසුකම් ලබා අවසන්.