සිම්බාබ්වේදී පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයට සුදුසුකම් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (25) සමත් විය.
ශ්රී ලංකාව සහභාගි වූ තෙවැනි තරගය ලෙස බුලවායෝහිදී ඊයේ (25) පැවති තරගයේදී ශ්රී ලංකා ක්රීඩකයෝ ලකුණු 133 කින් අයර්ලන්තය පරාජය කිරීමට සමත් වූහ.
ශ්රී ලංකා පිල මෙම ජයග්රහණයත් සමඟ මේ දක්වා සහභාගි වූ තරග තුනම ජය ලබා ප්රසාද ලකුණු 6 ක් ලබා සිටියි.
ඒ අනුව ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරග වටයේ B කාණ්ඩය යටතේ තරග වැදුණු ශ්රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය යන කණ්ඩායම් සුපිරි 6දෙනාගේ වටයට තේරීපත්ව ඇත.
A කාණ්ඩය යටතේ තරග වැදුණු බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ද සුපිරි 6දෙනාගේ වටයට තේරීපත් විය.
සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබනු ඇති.