fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ ප්‍රධාන වෙළඳ සංකීර්ණයක පහරදීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 09:40

කොළඹ ප්‍රධාන වෙළඳ සංකීර්ණයක පහරදීමක්

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ප්‍රධාන වෙළඳ සංකීර්ණයක අවන්හලක සේවකයෙකුට පහර දී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

අදාළ පහර දීම සිදුව ඇත්තේ වෙළඳ සංකීර්ණයේ 6 වන මහලේ බවයි වාර්තා වී ඇත්තේ.

මෙහි ප්‍රධාන සූපවේදියා වැඩ නිම වී නිවසට යැමට පෙර තම හෙල්මටය එහි වූ මේසයක තබා තිබෙන අතර ඒ අවස්ථාවේ එතනට පැමිණි සුරාබදු නිලධාරීන් විසින් එම හෙල්මටය රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේ අදාළ ආයතනයේ ප්‍රධාන සූපවේදියා හා කළමනාකරු සමඟ සුරාබදු නිලධාරීන් විසින් බහින්බස්වීමක් ඇති කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සුරාබදු නිලධාරීන් විසින් ප්‍රධාන සූපවේදියාට හා ආයතනයේ කළමනාකරු පහර දී තිබෙනවා. පසුව තවත් සුරාබදු නිලධාරීන් පිරිසක් පැමිණ ආයනයේ පිරිසට පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අවස්ථාවේ අදාළ නිලධාරීන් බීමත්ව සිටි බවයි වාර්තා වී ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති පොලිසිය සඳහන් කළේ.

මෙම පහර දීමෙන් අදාළ අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ සුරාබදු නිලධාරියෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන බව ද පොලීසිය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2023 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්