fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 09:06

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී සම්මත වෙයි

ණය සීමාව වැඩි කරගැනීම පිලිබඳ යෝජනාව ඇමෙරිකා නියොජිත මන්ත්‍රී මණ්ඩලයේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

කතානායක කෙවින් මැක්කාර්තිගේ ප්‍රදානත්වයෙන් ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස් වුණා.

එහිදී ණය සීමාව වැඩි කර ගැනීමට අදාළ යෝජනාව පිළිබද  ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 314 ක් ලැබුණා.

විරුද්ධව ලැබුණේ ඡන්ද 117 ක් පමණයි.

ණය සීමාව වැඩි කර ගැනීම ජුනි 5 වනදාට පෙර සිදු කළ යුතු වූ අතර මේ අනුව ඇමෙරිකා ඩොලර් ට්‍රිලියන 31යි දශම හතරක් දක්වා ණය සීමාව වැඩිවනු ඇති.

එය 2025 ජනවාරි දක්වා ක්‍රියාත්මකයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2023 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්