උතුරු ඉතාලියේ මැජියෝර් ජලාශයේ සිදු වු බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
බෝට්ටුව අනතුරට ලක්වන අවස්ථාවේ සංචාරකයින් ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු එහි ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. එහි ගමන් කළ මගීන් 5 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර අනෙක් පිරිස පිහිනා ගොඩබිමට පැමිණීමට සමත්ව තිබෙනවා.
මිය ගිය පුද්ගලයින් අතරට ඉතාලි, ඊශ්රායල හා රුසියා ජාතිකයින් ඇතුලත්. අයහපත් කාලගුණය හේතුවෙන් අනතුර සිදුවු බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.