අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Related Articles
තම එළවළු වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ ඌවපරණගම වැවේගම ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
තම එළවළු වගාවට රිළවුන්ගෙන් නිරන්තරයෙන් සිදුවන හානිය වළක්වා ගැනිම සඳහා අනවසර විදුලි රැහැනක් ඇදීමටයි ඔහු කටයුතු කර තිබෙන්නේ.
එම විදුලි රැහැනේ පැටලී මොහු මියගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිව ඇත්තේ.
එළවළු වගාබිමට ගිය මෙම පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම නිසා නිවැසියන් කළ සොයා බැලීමේදී ඔහු වගා බිමේ වැටී සිටිනු දැක තිබෙනවා.