ලෝකප්‍රකට පොප් ගායිකා ටීනා ටර්නර් මිය ගොස් තිබෙනවා.
ඇය මිය යනවිට 83 වන වියේහි පසුවුණා.
මිය යනවිට ඇය ජිවත් වුනේ ස්විස්ටර්ලන්තයේයි.
රොක් ඇන්ඩ් රෝල් රැජින ලෙසයි ඇය නම් දරා සිටියේ.
ජවසම්පන්න ඉදිරිපත් කිරීම් වලින් ටීනා ටර්නර් රසික හදවත් ඇද බැද තබා ගත්තා.
ඇය වඩාත් ජනප්‍රියට පත්වුයේ 1960 කාලවකවානු වල සිය සැමියා සමඟ ඉදිරිපත් කළ ප්‍රවුඩ් මාරි, රිවර්ඩීප් හා මවුන්ටන් හයි ඇතුළු ගීත හේතුවෙන්.
සිය ජිවිතයේ අවසන් කාල සීමාවේ දී ආර් ඇන් බී රෝක් හා පොප් ගීත නිෂ්පාදනයට ද ඇය දායක වුණා.
එහෙත් 2009 වසරේ දී ගීත ගායනයෙන් විශ්‍රාම යාමටයි ටීනා ටර්නර් කටයුතු කර තිබුණේ.