fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රීසියේ මහමැතිවරණයේ ජය කන්සර්වෙටිව් පක්ෂයට

hasiniek
By hasiniek මැයි 22, 2023 15:58

ග්‍රීසියේ මහමැතිවරණයේ ජය කන්සර්වෙටිව් පක්ෂයට

ග්‍රීසියේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ කන්සර්වෙටිව් පක්ෂය ජයග්‍රහණය කළා.

ග්‍රීසියේ පවත්නා දේශපාලන අස්ථාවරත්වය මධ්‍යයේ මෙය දැවැන්ත ජයග්‍රහනයක් ලෙසයි දේශපාලන විශ්ලේෂකයින් හඳුන්වන්නේ.

අග්‍රාමාත්‍යවරයාගේ කන්සර්වෙටිව් පක්ෂය 40%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ප්‍රධාන විපක්ෂයට ලබා ගත හැකි වුනේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

කෙසේ වෙතත් තනි පාලන බලයක් සහිත රජයක් පිහිටුවීම සදහා අවශ්‍ය බලය ලබා ගැනීමට අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස්ගේ පක්ෂයට හැකිව නැහැ.

එරට ජනාධිපතිනි කැතරිනා සකේල්ලරොපෝලූ එරට ප්‍රධාන දේශපාලන පක්ෂවලට දන්වා ඇත්තේ දින 3ක් ඇතුලත සන්ධාන රජයක් පිහිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

එහෙත් තමා බලය බෙදා ගැනීමට අකමැති බව අග්‍රාමාත්‍ය කිරියාකොස් ප්‍රකාශ කර තිබෙනවා.

hasiniek
By hasiniek මැයි 22, 2023 15:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්