fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපානයේ ”ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023” ප්‍රදර්ශනය ඇරඹේ

ITN News Editor
By ITN News Editor මැයි 22, 2023 13:03

ජපානයේ ”ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023” ප්‍රදර්ශනය ඇරඹේ

ජපානයේ ශ්‍රී ලංකා සංගමය සංවිධාන කළ ශ්‍රී ලංකන් ෆෙස්ටිවල් 2023 ජපානයේ කවගයා නාගරික ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධාන කිරීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස ජපන් ජාතිකයින් අතර ප්‍රවර්ධනය කිරීම ද මෙහි තවත් අරමුණක්. ශ්‍රී ලාංකික නර්තන හා සංගීතයෙන් වර්ණවත් වූ මෙම උළෙලට ජපන් ජාතිකයින් මෙන්ම ජපන් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක්ද එක්ව සිටියා.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මග පෙන්වීම මත සංවිධානය කෙරුණ මෙම උළෙලට ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා  මහතා ද එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2023 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්