මෝඛා චන්ඩ මාරුතය බංගලාදේශය හා මියන්මාරයට දැඩි හානි සිදුකරමින් හමා යමින් පවතිනවා.
බංගලාදේශයේ හා මියන්මාරයේ වෙරළබඩ ප්රදේශවලින් ඇතුළු වු චන්ඩ මාරුතය පස්වන කාණ්ඩයේ එකක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. ලොව විශාලතම අවතැන් කදවුර වන බංගලාදේශයේ කොක්ස් බසාර් අවතැන් කදවුර හරහා ගමන් කර නොමැති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ වන විට මියන්මාරයේ පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති අතර බංගලාදේශයෙන් ජිවිත හානි වාර්තා වන්නේ නැහැ. මේ වන විට බංගලාදේශයේ හත්ලක්ෂ පනස්දහසක පිරිසක් අවධානම් කලාපවලින් ඉවත්කර තිබෙනවා. ඔවුන් පාසල්වල රැදවීමටයි පියවර ගෙන ඇත්තේ.