අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු හැදල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 14ක් සමග තරුණයෙකු වත්තල හැදල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. ඒ එම බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමකදියි. සැකකරු දිගු කාලයක පටන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවුවෙකු බවයි මුලික විමර්ශණ වලදි හෙළි වුනේ. මත්ද්‍රව්‍ය සමග මුදලින් රුපියල් පහලොස් ලක්ෂ හතලිස්දහසක් ජංගම දුරකතනයක් හා යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන තිනෙබවා.
සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ෂණ සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කලේ.