වව්නියාව මරඳංකුලම් ප්රදේශයේ පිහිටි හින්දු කෝවිලක පැවති දේවමෙහෙයකට සහභාගී වූ තරුණයෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරඳංකුලම් ප්රදේශයේ පිහිටි හින්දු කෝවිලේ වාර්ෂිකව පැවත්වෙන දේව මෙහෙයක් වෙනුවෙන් අදාල තරුණයා සහභාගී වී සිට අවස්ථාවේ කෝවිලට පිවිසෙන ස්ථානයේ ඇද තිබූ විදුලි වයරයක් සිදුරු වී තිබූ ස්ථානයක් තරුණයාට පෑගි විදුලිසැර වැදී ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරනය වී තිබෙනවා.
රැස්ව සිටි පිරිස් විසින් විදුලිය විසන්ඳි කිරීමට පියවර ගත්තද ඒ වන විටත් අදාල තරුණයා මිය ගොස් තිබෙනවා.
මෙලෙස විදුලිසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ මරඳංකුලම් ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.