fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිර්මාණාත්මක විරෝධතාවක්

hasiniek
By hasiniek අප්‍රේල් 25, 2023 14:44

නිර්මාණාත්මක විරෝධතාවක්

දුම්වැටියේ ඉවතලන කොටස් හයලක්ෂ පනස්දහසක් එක්කරමින් පැවැත්වූ විරෝධතාවක් පිළිබද පෘතුගාලයෙන් වාර්තා වනවා.

ලොව පුරා සිදුවන පරිසර දූෂණයට විරෝධය දැක්වීම සදහායි මෙය සංවිධාන කර තිබුණේ.

පෘතුගාලයේ ලිස්බන් අගනුවර පැවති මෙම විරෝධතාවයට ප්ලාස්ටික් බහාලුම් 40කට පමණ රැස්කළ දුම්වැටියේ ඉවතලන කොටස් එක්කර තිබුණා.

ජර්මානු ජාතික කාලගුණ ක්‍රියාකාරිකයෙකු මෙය සංවිධානකර තිබූ අතර දුම්වැටියේ ඉවතලන කොටස් හරහා සිදුවන පරිසර දූෂණය සම්බන්ධයෙන් එහිදී ජනතාව දැනුවත් කෙරුණා.

hasiniek
By hasiniek අප්‍රේල් 25, 2023 14:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්