fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්රේනයට පාඩුවක්

hasiniek
By hasiniek අප්‍රේල් 18, 2023 16:43

යුක්රේනයට පාඩුවක්

යුක්රේනයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කිරීමට ස්ලෝවැකියා රාජ්‍ය තීරණය කර තිබෙනවා.

යුක්රේනයේ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කිරීම තහනම් කළ තුන්වන රට ලෙසයි ස්ලෝවැකියා රාජ්‍ය සැලකෙන්නේ.

මීට පෙර හංගේරියාව හා පෝලන්තය යුක්රේනයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට පියවර ගත්තා.

මේ අතර යුරෝපා සංගමය කෘෂිකාර්මික නිෂ්පාදනයන් හි මිල පහළ යාම පාලනය කිරීමට අසමත් වුව හොත් පනවා ඇති තහනම දීර්ඝ කිරීමට පියවර ගන්නා බවයි හංගේරියාව නිවේදනය කරන්නේ.

යුක්රේනයෙන් කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කරීම හරහා තම රටවල ගොවීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බව හංගේරියා කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ රටවල් රැසක් ද ආනයනය තහනම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

hasiniek
By hasiniek අප්‍රේල් 18, 2023 16:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්