fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූරිනාම් රාජ්‍යයේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයින් පිරිසක් කඩාවැදෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 18:41

සූරිනාම් රාජ්‍යයේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයින් පිරිසක් කඩාවැදෙයි

සූරිනාම් රාජ්‍යයේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයන් පිරිසක් කඩා වැදී තිබෙනවා. සුරිනාම් හි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ පසුගිය දින කිහිපය තුලදී උත්සන්න වූ අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් හටගත්තා.

රජය ඉදිරිපත් කර ඇති නව ආර්ථික වැඩපිළිවෙල යටතේ සහන කප්පාදු කිරීම සහ අධික උද්දමනය හේතුවෙන් මෙම ගැටුම් ඇතිවුනා. සාමකාමී උද්ඝෝෂණ ලෙස ආරම්භ වූ මෙම විරෝධතා මාලාව මේ වන විට ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබෙනවා. කඩ සාප්පු , ගිනිබත් කිරීම් සහ කොල්ලකෑම් ද එරටින් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සූරි නාම් රාජ්‍ය දකුණු ඇමෙරිකා මහද්වීපයේ පිහිටි කුඩා රාජ්‍යයක් වන අතර එහි හය ලක්ෂයකට ආසන්න ජනතාවක් ජීවත්වනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 18, 2023 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්