fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2035 සිට යුරෝපය කාබන් විමෝචනය සිදුකෙරෙන මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 16:55

2035 සිට යුරෝපය කාබන් විමෝචනය සිදුකෙරෙන මෝටර් රථ අලෙවිය තහනම් කිරීමට යයි

2035 වසරේ සිට පෙට්‍රල් හා ඩීසල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථ වෙළදාම තහනම් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා.

ඒ සදහා වන නීති සදහා අනුමැතිය ලබාදීමට යුරෝපා පාර්ලිමේන්තුව කටයුතු කළා. ඉලෙට්‍රික් මෝටර් රථ භාවිතය ඉහළ නැංවීම හා කාලගුණ විපර්යාසයන්ට සාර්ථකව මුහුණදීම අරමුණු කරගෙනයි යුරෝපා සංගමය මෙම පියවර ගෙන ඇත්තේ.

කාබන් විමෝචනය සිදුකෙරෙන මෝටර් රථ අලෙවිය 2035 වසරේ සිට ඒ අනුව තහනම් වන අතර යුරෝපයේ රටවල් 27ක එය ක්‍රියාත්මක වනවා. එමෙන්ම 2030 වසර වනවිට කාබන් විමෝචනය සියයට 55කින් අවම කිරීමට අවශ්‍ය නීති ද සම්පාදනය කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 16, 2023 16:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්