ජනාධිපතිතුමාගේ ද මැදිහත්වීම මත ඕමාන සුරක්ෂා නිවාසයන්හි සිටින කාන්තාවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇති බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.
මින් ඉදිරියට මිනිස් ජාවාරම වැළැක්වීමට අවශ්‍ය උපරිම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ.
ඕමාන සුරක්ෂා නිවාසය සහ ඕමාන තානාපති කාර්යාලයේ නිරීක්ෂණයකට එක් වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මාධ්‍ය හරහා බොරු තොරතුරු වාර්තාකරණයෙන් එම කාන්තාවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/-rfg-3x8C_w”]