සටන් සදහා අවශ්‍ය ආයුධ ඉතා ඉක්මනින් බෙදා හරින්නැයි යුක්රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
රුසියාව හා යුක්රේනය අතර ගැටුම් මේ වන විට උත්සන්න වී තිබෙනවා. කර්සන් නගරයට රුසියා හමුදා එල්ල කළ ෂෙල් ප්‍රහාරවලින් ඊයේ දිනයේ පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගියා. ඊයේ එල්ල කළ තවත් ප්‍රහාර දෙකක ඉලක්කය වී තිබුණේ පාසලක් හා රජයේ රෝහලක් .එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය අවිආයුධ හැකි ඉක්මනින් ලබා දෙන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා. මේ වනවිටත් යුක්රේනයට යුධ ටැංකි 321 ක් ලබාදීමට රටවල් කිහිපයක් කැමැත්ත පල කර තිබෙනවා.