fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් තරුණයෙකු මියයයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 11:54

ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් තරුණයෙකු මියයයි

ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස තරුණයෙකු මිය ගොස් තිබෙනවා. මියගිය පුද්ගලයාට පහර දෙන දර්ශන අද මාධ්‍යට නිකුත් වුණා.

ඇමෙරිකා පොලීසිය මාර්ග නීති උල්ලංඝණය කළ තරුණයෙකුට පහරදෙන වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.29 හැවිරිදි ටයර් නිකොලොස් නැමැති තරුණයෙකු මාර්ග නීති උල්ලංඝණයකට අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීස් පහරදීමකට ලක්ව තිබෙනවා.පහරදීමෙන් පසු දින තුනක් අසාද්‍ය තත්ත්වයේ පසු වූ නිකොලොස් ජීවිතක්ෂයට පත්වුණා. ඒ සම්බන්ධයෙන් ආරක්ෂක කැමරාවල සටහන් වූ  දර්ශන අද උසාවිය විසින් මාධ්‍යයට නිකුත් කර තිබුණා.2020 වසරේදී ද ඇමෙරිකා පොලීසිය කළ පහරදීමකින් පසු ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති පුද්ගලයෙකු මිය ගිය අතර ඇමෙරිකා පොලීසියට සහ රජයට ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් පල වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 28, 2023 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්