රුසියාව අත්පත් කරගත් යුක්රේන න්‍යෂ්ටික බලාගාරයක පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වනවා.
මාස කිහිපයකට පෙර රුසියාව විසින් යුක්රේනයට අයත් සපොරිෂිෂා න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගත්තා. ඊයේ දිනයේ මෙම බලාගාරය ආසන්න ප්‍රදේශයේ පිපිරීම් වාර්තා වූ බව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කෙසේ වෙතත් රුසියාව පවසන්නේ මෙය කටකතාවක් බවයි. මාර්තු මාසයේ මෙම බලාගාරය අත්පත් කරගත් පසු ඒ ආසන්නයේ යුක්රේන හමුදා සහ රුසියා හමුදා අතර ගැටුම් සිදු වුණා. විදෙස් මාධ්‍යවාර්තා කරන්නේ මෙම බලාගාරය අසල පිපිරීම් 08 ක් සිදු වී ඇති බවයි.