යුක්රේන හෙලිකොප්ටර් අනතුර ගැන සෙලෙන්ස්කිට සැකයක්
Related Articles
හෙලිකොප්ටර් අනතුරකින් යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්වීම අනතුරක්ම නොවන බව ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි පවසනවා.
යුක්‍රේනයේ කියුව් අගනුවර බ්‍රොවරි නගරයේ පෙරපාසලක් සහ නිවාස සංකීර්ණයක් ආසන්නයේ මෙම අනතුර සිදු වුයේ. අනතුරින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනස්ටිර්ස්කි ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
හෙලිකොප්ටර් අනතුරින් පසුව එම කඩා වැටුණු ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ඉන් කුඩා දරුවන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. කෙසේ වවුද මෙම අනතුරට රුසියාවේ සම්බන්ධයක් ඇති බවට මෙතෙක් තහවුරු වුයේ නැහැ.
එහෙත් යුක්රේන ජනාධිපතිවරයා ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සන්සදය අමතමින් සදහන් කලේ යුද ගැටුම් වල අතුරු ප්‍රතිඵලක් ලෙස මෙය සිදුවු බවයි.