ඇෆ්ගනිස්ථානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරියක සහ ඇයගේ ආරක්ෂකයෙකු කාබුල් නුවර දී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
32 හැවිරිදි මුර්සල් නබිසාදා, 2021 අගෝස්තු මාසයේ දී තලේයිබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු කාබුල් හි රැඳි සිටි කාන්තා මන්ත්රීවරියන් කිහිප දෙනාගෙන් අයෙකුවනවා. ඊයේ සිදු වු මෙම ප්රහාරයෙන් ඇයගේ සහෝදරයා සහ තවත් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා ඇති බව සඳහන්. පසුගිය කාලයේ දී රට හැරයාමේ අවස්ථාවක් ප්රතික්ෂේප කළ ඇෆ්ගනිස්ථානයේ නිර්භීත ශූරියක් ලෙසද ඇයව දැඩි ලෙස ප්රශංසාවට ලක්වුණා. කෙසේවුවත් 2021 පසු තලෙයිබාන් සංවිධානය බලයට පත්වීමෙන් පසු සෑම අංශයකින්ම කාන්තාවන් ඉවත් කර තිබෙනවා. කෙසේවුවත් මේ සම්බන්ධයෙන් නිශ්චිත ප්රකාශයක් තලෙයිබාන් පාලනය නිකුත් කර නැහැ.