යුක්රේනයේ නගර රැසකට රුසියාවෙන් මිසයිල සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී තිබෙනවා.
නැගෙනහිර යුක්රේනයේ නිප්‍රෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකට ද මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඉන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 64 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කියෙව් අගනුවර , කාර්කීව් සහ ඔඩෙස්සා යන නගරවලටද මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. රුසියනු හමුදා විසින් නගර රැසකට එල්ල කළ ප්‍රහාර විසින් යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් දැඩි ලෙස අඩපණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාර වළක්වා ගැනීමට මේ වනවිට ඇමෙරිකාවෙන්, ප්‍රංශයෙන් සහ මහා බ්‍රිතාන්‍යයෙන් යුක්රේන හමුදාවට අවි ආයුධ ලැබෙනවා. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මිසයිල නාශක අවි පද්ධති කීපයක් ම යුක්රේන හමුදාවට ලබා දී තිබෙනවා. බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක්ගේ මැදිහත් වීමෙන් චැලෙන්ජර් 2 වර්ගයේ යුද ටැංකි යුක්රේනයේ හමුදාවට ලැබී ඇති බව ද වාර්තා වනවා. කෙසේවුවද රුසියාව ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටින්නේ යුක්රේනයට තවත් ආධාර සැපයීම තුලින් රුසියානු මෙහෙයුම් තීව්ර කිරීමට හා සිවිල් වැසියන්ට හානි කිරීමට සිදු වන බවයි.