බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයර් බොල්සනාරෝගේ ආධාරකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය හා කොංග්රස් ගොඩනැගිල්ලට කඩාවැදී තිබෙනවා.
බොල්සනාරෝ මැතිවරණයෙන් ජයගත් බවට පිළිගන්නැයි බලකරමින් ඔහුගේ ආධාරකරුවන් තුන්දහසකට වැඩි පිරිසක් මීට එක්ව සිටියා. කෙසේ වෙතත් රජයේ ගොඩනැගිලිවල දේපලවලට අලාභහානි කරමින් වීදුරු කඩා බිදදමමින් එම ගොඩනැගිලිවලට ඔවුන් ඇතුළුවන ආකාරය ජාත්‍යන්තර මාධය විකාශය කළා. බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ අදුමෙන් සැරසී බ්‍රසීල ධජ අතැතිව ඔවුන් ඊට එක්ව සිටීම ද විශේෂත්වයක්. කෙසේ වෙතත් අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි දඩුවම් ලබාදෙන බවයි ලූලා ද සිල්වා පාලනය සදහන් කරන්නේ. බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා දියුරුම් දුන්නේ මීට සතියකට පෙරයි.