රුසියාවේ එංගල්ස් හමුදා කඳවුරට යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි රුසියාව සදහන් කරන්නේ. රුසියානු ගුවන් ආරක්ෂක අංශ විසින් ඩ්‍රෝන යානය බිම හෙළා ඇති නමුත් එහි සුන්බුන් වැටීමෙන් මෙම ජීවිත හානි සිදු ව තිබෙනවා. කෙසේවෙතත් යුක්රේන හමුදාව එම ප්‍රහාර පිළිබඳව නිල වශයෙන් අදහස් දක්වා නැහැ. මීට පෙරද යුක්රේනය සිදුකල මෙවැනි ප්රහාරයන් සම්බන්ධයෙන් රුසියාව චෝදනා එල්ල කර තිබෙනවා.