තලෙයිබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ පාකිස්ථාන දේශසීමා ආසන්නයේ තලෙයිබාන් සංවිධානය සිදු කළ බෝම්බ හා වෙඩි ප්‍රහාර මාලාවකිනුයි එම සිවිල් වැසියන් මිය ගොස් ඇත්තේ. ප්‍රහාරයෙන් තවත් සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බව පාකිස්ථාන ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පාකිස්ථාන ආරක්ෂක අංශ සිදු කළ ප්‍රතිප්‍රහාරයන් ගෙන් තලෙයිබාන් සංවිධානයට අයත් පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් වූ බවයි වාර්තා වන්නේ. ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නැහැ. කෙසේ වුවද තලෙයිබාන් සංවිධානය රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ ඔවුන් සිදු කරන මුර කපොලු ඉදිකිරීම් අතිහිටුවන ලෙස පකිස්ථානය දැනුම්දීමෙන් පසුව මෙම ගැටුම හටගත් බවයි.