ජාත්‍යන්තර ධීවර දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරුණු දළ රළ සවිය වැඩසටහන යටතේ දිරිය ධීවර අම්මා වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරුණා.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුව බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී ධීවර සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණා.
ඒ යටතේ දිරිය ධීවර අම්මා, සෞන්දර්යාත්මක සංගීතමය හා සංවාදාත්මක වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ ධීවර පවුල්වල ආදරණීය මව්වරුන්ගේ මානසික තත්ත්වය ඉහළ නංවමින් මනා පවුල් සම්බන්ධතාවක් ගොඩනැංවීමේ අරමුණින්.
ඒ යටතේ ධීවර පවුල්වල ගර්භනී මාතාවන් තුන්සිය දෙනෙකු වෙත උපකරණ ප්‍රදානයක් සහ දහම් පාසල් දරු දැරියන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීමක්ද සිදු කෙරුණා.