මුදල් අමාත්‍යාංශය සහ මහබැංකුව ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමග සාකච්ඡාවක නිතර වුණා. සාකච්ඡාව පැවැත්වුනේ මාර්ග ගත තාක්ෂණය ඔස්සේයි.
භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණා. ශ්‍රී ලංකාව සියලු ණය හිමියන් සමග සාධාරණ සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරි කටයුතු කරගෙන යාමට පූර්ණ වශයෙන් කැපවී සිටිනවා.
මෙම හමුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සදහා වන මණ්ඩල අනුමැතිය ලබාගැනීමේ තවත් එක් වැදගත් පියවරක් ද වනවා. සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව තීරණාත්මක අවධියක සිටින අතර සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සදහා කඩිනමින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.
මෙහිදී අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ මූල්‍යමය ආරක්ෂාව යලි වර්ධනය කරනු ඇති බවයි.
විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සදහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවකට සැප්තැම්බර් 1 වනදා එලඹුනු බව ද මහබැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියා.