දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ආසන්න මාර්ගයේ ස්ථාන දෙකක් ජලයෙන් යටවීම හේතුවෙන් කුඩා රථ රථවාහන වලට
අධිවේගී පිවිසුමට ඇතුළු වීමට හෝ එයින් පිටවීමට නොහැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නිහාල් ලොඩ් රික් මහතා පවසනවා.
මෙලෙස යට වී ඇත්තේ අධිවේගී මාර්ගයට ඇතුළු වන අංක 1 ආලෝක පුවරු ප්රදේශය සහ අංක 2 ආලෝක පුවරු ප්රදේශයයි.
ඒ හේතුවෙන් අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට හෝ ගාල්ල දෙසට යාමට බලාපොරොත්තුවන රියදුරන් දොඩංගොඩ හෝ කුරුඳුගහහැතැක්ම පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළුවීමට හෝ පිට වීමට කටයුතු කරන ලෙස ඒ මහතා වැඩිදුරටත් දන්වා සිටිනවා.