යුක්රේනයට ඇමරිකා ඩොලර් මිලියන 600ක නව යුද ආධාර පැකේජයක් ලබා දෙන බව ඇමරිකා එක්සත් ජනපදය නිවේදනය කළා.
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළේ රුසියා හමුදා වෙත සාර්ථක ලෙසින් මුහුණ දීමේ අරමුණින් මෙම යුද ආධාර පැකේජය ලබා දෙන බවයි. හයිමාර්ස් වර්ගයේ මිසයිල තොගයක් ද මෙම පැකේජයට අයත් වනවා.
ඊට අමතර ව බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ මෙන් ම කාලතුවක්කු උණ්ඩ විශාල තොගයක් ද පැකේජයට අයත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සිට මේ දක්වා ඇමරිකා එක්සත් ජනපද යුක්රේනයට ඇමරිකා ඩොලර් බිලියන 15කට වැඩි යුදාධාර ලබා දී තිබෙනවා.