තුර්කියේ සිදු වූ අනතුරු දෙකකින් පුද්ගලයින් 32 නෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් 51 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. තුර්කියේ ගැසියන්ටෙප් නගරයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලැබුවා. මේ අතර තුර්කියේ මාල්ඩින් ප්‍රදේශයේ දී ට්‍රක් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව පිරිසක් අතරට කඩා වැඳීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම අනතුරෙන් පුද්ගලයින් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර 8 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.