කැනඩාවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කැනඩාවේ වැන්කූවර් ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ද සදහන්. නිවාස අහිමි පුද්ගලයින් ඉවත් කර ගනිමින් මෙම වෙඩි ප්‍රහාරය සිදුකර ඇති බවට පොලීසිය සැක පළකරනවා. කැනඩාවේ සිදුවන අපරාධයන්ගෙන් සියයට තුනක පමණ ප්‍රමාණයක් ගිනි අවි භාවිතයෙන් සිදුකෙරෙන බවයි සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.