ළමා ආරක්ෂාව හා යුක්තිය පිළිබද නව නීති හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා.
රැකවරණය හා ආරක්ෂාව අවශ්‍ය ළමයින් සම්බන්ධ නඩු ඇසීමට හෝ නීතිය කඩ කරනු ලබන ළමයකුට එරෙහිව නඩු ඇසීම සඳහා අධිකරණ බලය ක්‍රියාත්මක කරන අධිකරණ ස්ථාපිත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පත සකස් කිරීමට අනුමැතිය ලැබී තිබුණා. ඒ අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කිරීමත් සමඟයි.