ප්රවීණ රංගන ශිල්පිණි ස්වර්ණා කහවිට අභාවප්රාප්ත වුණා.
70 දශකයේ ජනප්රියම නිලියක වූ ස්වර්ණා කහවිට බොහෝ දෙනා හදුනන්නේ බිනරමලී චිත්රපටයේ බිනරී ලෙසයි. බිනරිගේ චරිතයට ඇය දක්ෂතම නිලියට හිමි සම්මානය ද දිනා ගත්තා.
රහස් දූපත ළමා චිත්රපටයෙන් සිනමා ක්ෂේත්රයට පැමිණි ස්වර්ණා කහවිට රංගන ශිල්පිණිය ඔන්න බබෝ බිල්ලෝ එනවා, සිරිල් මල්ලී , උන්නත් දාහයි මළත් දාහයි ඇතුළු චිත්රපට රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇයගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී හෙට සිදු කිරීමට නියමිතයි.